
(රංජිත් රාජපක්ෂ)
ශ්‍රී පාදස්ථාන මළුව අවට ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ශ්‍රී පාද කදු මුදුනේ ගල් පර්වතයෙ වැවි තිබූ ශාක කොටස් කිහිපයක් පස් සමග ශ්‍රී පාද මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී ඇති බව නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.නිරෝෂන් මහතා පැවසීය.
නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ මීට පෙර ශාඛ සහිත පස් කදු කඩා වැටුණු ඇහැළ කණුව ආසන්නයේම මෙවරත් එම පස් කන්ද ශ්‍රී පාද මළුවට පිවිසෙන පියගැටපෙළ මත වැටී ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
මේ දිනවල ශ්‍රි පාද අවාරයේ ශ්‍රී පාද මළුව දක්වා ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට ඉදි කටු පහණ හරහා රත්නපුර මාර්ගයට පිවිස ශ්‍රී පාද උඩමළුව දක්වා යැමට හැකි බවත්, පවතින අයහපත් කාලගුණ තත්වය පහව ගිය පසු එම මාර්ගයට කඩා වැටුණු ශාක සහ පස් කන්ද ඉවත් කිරිමට කටයුතු කරන බව ද පොලිස් ස්ථානාධිපතිවරයා අවාරේ වන්දනාකරුවන්ට දන්වා සිටි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd